Monday, July 13, 2009

නිදහසේ වේදිකාවේ නුවරඑළිය දිස්ත‍්‍රික් මහජන රැස්වීම අද (ජුලි 12)තලවකැලේදී පැවැත්විණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර, නීතිඥ ජේ.සී වැලිඅමුණ, නීතිඥ ලාල් විජේනායක, නීතිඥ රවී ජයවර්ධන, තලමුත්තු සුදාහරන්, යන මහත්වරුන් කථිකයෝ ලෙස සහභාගී වූහ. මෙහිදී අදහස් දැක්වු නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතා සදහන් කළේ 2009 වසර ආරම්භ වුයේ සිරස මාධ්‍ය ජාලයට පහරදී, මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීමෙන් බවය. ”මේ සිද්ධීන් ඇතිවෙන තත්ත්වයට රටේ පරිසරය සකස් වී තිබුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිනිස්සුන්ට අයිති දෙයක් මිස රජයට අයිති දෙයක් නොවන අතර එය රැක ගැනීමට පුරවැසියන් එක්රැස් විය යුතුයි. නිදහසේ වේදිකාව දේශපාලන පක්ෂවලට කිහිලිකරුවක් හෝ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් නොවන අතර මෙය සාමකාමී ව්‍යපාරයක් පමණයි.”

Read more...

Thursday, July 2, 2009

2009-09-26 වැනි දින පැවැති ‘නිදහසේ වේදිකාව’ මීගමු රැස්වීමේ දී මංගල සමරවීර මහතා විසින් සිදු කරනු ලැබූ සම්පූර්ණ කතාව

අද මිගමුව නගරයේ පැවැත්වෙන ‘නිදහසේ වේදිකාවේ’ රැස්විමේදී මම සුළු පාපොච්චාරනයක් කරන්න කැමතියි. මේ රටේ දශක දෙක හමාරකට ආසන්න කාලයක් තිස්සේ තිබුණු යුද්ධය නිසා ජනතාව විශාල ලෙස හෙම්බත් වුණා. ඒ බොහෝ දෙනා ත‍්‍රස්තවාදයේ පරාජය කොට, යුද්ධය අවසන් කළා යැයි රජය දිගින් දිගටම පැවසූ නිසා සතුටට පත් වෙලා කිරිබත් කෑවා. ජාතික කොඩි එල්ලූවා. රතිඤ්ඤා පත්තු කළා. මම නම් ඔය එකක්වත් කළේ නෑ.
Read more...
photo gallary

Monday, June 8, 2009

පෝද්දල‍ ජයන්තට පහරදිමට එරෙහිව පළමු උද්ඝෝෂණය කොළඹින් ඇරඹේ.

මාධ්‍යවේදි පෝද්දල ජයන්තට අමානුෂික ලෙසින් පහරදිමට එරෙහිව වු පළමු විරෝධතාවය ඊයේ කොළඹදි ආරම්භ වුණි.දේශපාලන පක්ෂ වෘත්තිය සමිති, සිවිල් සංවිධාන හා එක්ව මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සත්‍යග්‍රහයක් ලෙසින් ඇරඹුණ විරෝධතාව පසුව සංවිධානය වු කෙටි පාගමනක් අනතුරුව ජයවර්ධන කේන්ද්‍රයේදි පැවති සාර්ථක විරෝධතා රැස්විමකින් අවසන් විය.
මෙම රැස්විම අමතා දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එක්සත් සමාජවාදි පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය ,ශ්‍රි.ල.නි.ප ම.පාර්ශවයේ නායක මංගල සමරවිර,එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ නව සිහළ උරුමයේ මනමේන්ද්‍ර යන අය කෙටි දෙසුම් පවත්වන්නට යෙදුන අතර වෘත්ති සමිති නියෝජිතයන් ද මාධ්‍ය මර්ධනයට එරෙහිව සිය විරෝධතාව මෙහිදි ගොනු කරන ලදි.
නිදහසේ වේදිකාව වෙනුවෙන් එහි කැදවුම් මණ්ඩල සමාජික නිතිඥ සුදර්ශන ගුණවර්ධන සභාව අමතන යෙදුන අතර මෙහි මුලසුන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර විසින් හොබවන ලදි